කම්කරු කොංග‍්‍රසය නිදහස් සන්ධානය සමග එක්ව කුකුළා ලකුණින් මැතිවරණයට

කම්කරු කොංග‍්‍රසය නිදහස් සන්ධානය සමග එක්ව කුකුළා ලකුණින් මැතිවරණයට

December 17, 2017   10:33 pm



ලංකා කම්කරු කොංග‍්‍රසය පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග කුකුළා සලකුණින් තරඟ කිරිමට නාම යෝජනා අත්සන් කර තිබේ.

ලංකා කම්කරු කොංග‍්‍රසය එකසත් ජනතා නිදහස් සන්ධානය සමඟ කුකුළා සලකුණින් පළාත් පාලන ආයතන කිහිපයක් සදහා තරඟ වැදිම සඳහා නාම යෝජනා අත්සන් කිරිම ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහා ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමුගම් තොන්ඩමන් මහතා විසින් අද (17)  කොටගල ලංකා කම්කරු කොංග‍්‍රස් මුලස්ථානයේදි සිදු කළේය.

මේ අනුව හැටන් දික්ඔය නගර සභාව, මස්කෙළිය ප‍්‍රාදේශීය සභාව, නොර්වුඩ් ප‍්‍රාදේශිය සභාව, කොටගල, ආගරපතන සහ නුවරඑළිය ප‍්‍රාදේශිය සභා වලට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්වි කුකුලා සලකුණීන් තරඟ කරන අතර අඹගමුව ප‍්‍රාදේශිය සභාවට කුකුළා සලකුණීන් තනිව තරග කිරිමටත් කොත්මලේ හගුරන්කෙත සහ වලපනේ යන ප‍්‍රාදේශීය සභා සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ බුලත් කොළය සලකුණීන් තරග කිරිමට එම පක්ෂයේ මහා ලේකම්වරයා නාම යෝජනා අත්සන් කරනු ලැබීය. 

මේ වන විට තලවාකැලේ ලිදුල නගර සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ කුකුළා ලකුණින් තරඟ කිරිමටත් නුවරඑළිය මහා නගර සභාව සදහා කුකුළා සලකුණීන් තනිවම තරඟ කිරිම සදහා මේ වන විට නාම යෝජනා නුවරඑළිය මැතිවරණ කාර්යාලය වෙත ලංකා කම්කරු කොංග‍්‍රසය විසින් භාරදි ඇත.

 මෙම නාම යෝජනා අත්සන් කිරිමේ අවස්ථාවට ලංකා කම්කරු කොංග‍්‍රසයේ සභාපති හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්ති සිවලිංගම් ඇතුලු ලංකා කම්කරු කොංග‍්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයින් ඇතුලු විශාල පිරිසක් සහභාගි වී තිබේ.