ඉන්දීය කණ්ඩායමේ ඉරණම කුමක් වෙයිද?

ඉන්දීය කණ්ඩායමේ ඉරණම කුමක් වෙයිද?

December 10, 2017   02:07 pm



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු හය අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ශ්‍රී  ලංකා පන්දු යවන්නන් මේ වන විට සමත්ව තිබේ.

ඒ අනුව මීට ටික වේලාවකට පෙර පන්දුවාර 15 යි පන්දු 3ක් තුළ කඩුලු හයක් දැවී ඉන්දීය කණ්ඩායම ලබා සිටි ලකුණු සංඛ්‍යාව 28ක්.

ශිකර් දවාන් සහ දිනේෂ් කාර්තික් කිසිඳු ලකුණක් නොලබා දැවී ගිය අතර නායක රෝහිත් ශර්මා ලකුණු 02කට සහ මනිෂ් පාන්ඩේ ලකුණු 02 දැවී ගියේය.

ශ්‍රී යාස් අයියර් ලකුණු 09ක් සහ හර්දික් පාණ්ඩ්යා  ලකුණු 10ක් ලබාගත්තේය. 

විශිෂ්ට පන්දු යැවීමක නිරත වන සුරංග ලක්මාල් කඩුලු 03ක් , නුවන් ප්‍රදීප් කඩුළු 2ක් සහ ඇන්ජලෝ මැතිව්ස් එක් කඩුල්ලක් බිද හෙලීය.