වකුගඩු රෝගය ගැන පර්යේෂණ කරන්න මහාචාර්යවරයෙකු එයි

වකුගඩු රෝගය ගැන පර්යේෂණ කරන්න මහාචාර්යවරයෙකු එයි

December 10, 2017   01:36 pm



සීග්‍රයෙන් මෙරට ව්‍යාප්ත වන වකුගඩු රෝගය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකිරීම සඳහා ජර්මානු මහාචාර්යවරයෙකු දිවයිනට පැමිණ තිබේ.

වකුගඩු රෝග පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජර්මානු සංචාරයේ දී සිදුකරන ලද ඉල්ලීමකට අනුව ජර්මානු මහාචාර්ය කාල් උවේ මහතා දිවයිනට පැමිණ ඇති බවයි.

මහාචාර්ය කාල් උවේ මහතා විසින් අනුරාධපුරය, මහනුවර සහ කොළඹ යන ප්‍රදේශවල මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකිරීමට නියමිතය.

ඊට සමගාමීව මහාචාර්ය කාල් උවේ මහතා වකුගඩු රෝගය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන මෙරට විශේෂඥ වෛද්‍යවරුන් සහ විද්වතුන් සමඟ විශේෂ සාකච්ඡාවක් අද(10) පස්වරුවේ කොළඹ දී සිදුකිරීමට ද නියමිතව තිබේ.

දිවයිනේ සතියක කාලයක් රැඳී සිටින මහාචාර්ය කාල් උවේ මහතා සිදුකරන මෙම පර්යේෂණයේ ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවක් ජර්මානු රජයට බාරදීමට නියමිතය.