නව විදුලිබලාගාර තුනක් ඉදිකිරීමට පියවර

නව විදුලිබලාගාර තුනක් ඉදිකිරීමට පියවර

December 10, 2017   12:55 pm


 

දිවයිනේ පවතින විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා නව විදුලිබලාගාර තුනක් ඉදිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබේ.

තාප බලාගාර තුනක් ඉදිකිරීම සඳහා ලබන ජනවාරි මාසයේ දී ටෙන්ඩර් කැදවීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

මෙගාවොට් සියය බැඟින් වූ තාප බලාගාර තුනක් එලෙස ඉදිකිරීමට නියමිතය. 

අදාළ ටෙන්ඩර් කැඳවීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ද  හිමිව තිබේ.

මෙම තාප බලාගාර තුනේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේ මැද භාගය වන විට ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.