තේ කර්මාන්තය දිරිමත් කරන බව ජනපති කියයි

තේ කර්මාන්තය දිරිමත් කරන බව ජනපති කියයි

December 9, 2017   06:42 am



සියලු අපනයන කර්මාන්තයන් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙමින් කර්මාන්තකරුවන්ට සහයෝගය ලබාදීමට රජය බැදී සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ තේ කර්මාන්තය සම්බන්ධයෙන් ද අවශ්‍ය සම්පත් ලබාදෙමින් ඔවුන් දිරිමත් කිරීමට කටයුතු කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150ක් පිරීම නිමිත්තෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් සංවිධානය කළ උත්සවයක් අමතමින්  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසීය.