2018 ඔලිම්පික්  රුසියාවට තහනම් වෙයි

2018 ඔලිම්පික් රුසියාවට තහනම් වෙයි

December 7, 2017   01:00 pm



2018 වසරේ දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඔලිම්පික්‌ තරගාවලියට සහභාගීම සඳහා රුසියාවට තහනමක් පනවා ඇති බව ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුව ප්‍රකාශයට පත් කර ඇත. 
 
 රුසියානු ඔලිම්පික්‌ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක විශාල ලෙස භාවිතා කර ඇති බව සනාථ වීම නිසා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
 
 එසේම රුසියානු ඔලිම්පික්‌ කමිටු සභාපති ඇලෙක්‌සැන්ඩර් ෂුකොව්ගේ සාමාජිකත්වය තහනම් කිරීමටද ඔලිම්පික්‌ කමිටුව තීරණය කර ඇත.