බදුලු ඔයෙන් එතෙර නොකළොත් ඡන්දය නෑ

බදුලු ඔයෙන් එතෙර නොකළොත් ඡන්දය නෑ

December 7, 2017   12:39 pm



බදුලු ඔය හරහා ගමන් කිරීමට පාලමක් නොමැති වීමෙන් බදුල්ල ගල්කැටියදෝව ඇතුළු ගම්මාන රැසක ජනතාව ගැටලු රැසකට මුහුණ දී තිබේ.

ගම්වාසින් චෝදනා කරන්නේ අදාල බලධාරීන් මෙතෙක් මේ පිළිබඳව කිසිඳු අවධානයක් යොමු කර නොමැති බවයි. 

මෙම පාලමේ සංවර්ධන කටයුතු ආරම්භ වී ඇත්තේ 2014 වසරේ අවසාන භාගයේ දී වන බවද ගම්වාසීන් සඳහන් කරයි.

සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්කැටියදෝව,කිතුල්ගොල්ල හා වැල්ලවත්ත ඇතුළු ගම්මානයේ පවුල් 70ක් පමණ ජීවත් වේ.

බදුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගයට පිවිසීම සඳහා ඔවුන්ට ඇති එකම මාර්ගය වන්නේ බදුලු ඔය හරහා වැටී ඇති මෙම මාර්ගය වේ.

ගොවිතැන සිය ජීවනෝපාය කරගත් ගම්මාසින්ට සිය අස්වනු නගරයට රැගෙන යාමට සිදුව ඇත්තේද මේ මාර්ගයෙන් පමණක් වන අතර වැසි දිනවලදී බදුලු ඔයේ ජල මට්ටම වැඩි වන නිසා ඒ හරහා ගමන් කිරීමද නොහැකි වන බව ගම්වාසින් පවසයි.

විකල්ප මාර්ගයක් නොමැති බැවින් මෙම පාලම හා මාර්ගය ඉතා ඉක්මනින් ප්‍රතිසංස්රණය කර දෙන ලෙසත් එසේ නොවුණන හොත් විශාල අනතුරක් සිදුවීමට ඉඩ ඇති බවත් ප්‍රදේශවාසීන් පවසයි.

කෙසේ වෙතත් දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයින්ට දැඩිව දෝෂාරෝපණය එල්ල කරන මෙම ජනතාව පවසා සිටිනේනේ, ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර මෙයට විසඳුමක් ලබා නොදුන්නොත් අපේක්ෂකයින්ට ඡන්දය ලබා ගැනීමට තම ප්‍රදේශවලට එන්නට ඉඩ නොදෙන බව ද කියා සිටියේය.