කොලොන්නාවට  අලුත් තෙල් ටැංකියක්

කොලොන්නාවට අලුත් තෙල් ටැංකියක්

November 22, 2017   06:05 pm



පෙට්‍රල් ඝන ලීටර 15,000 ක ගබඩා ටැංකියක් කොලොන්නාව පර්යන්තයෙහි ඉදි කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව පෞද්ගලික සමාගමක් වෙත එම ඩෙන්ඩරය ලබා දිමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ශ්‍රී ලංකාව තුළ අවම වශයෙන් දින තිහකට ප්‍රමාණවත් වන ඉන්ධන තොගයක් පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් සංවර්ධනය කිරීමට තවත් මෙට්‍රික් ටොන් 100,000 ක අමතර ගබඩා ධාරිතාවක් අවශ්‍ය වන බව ගණන් බලා ඇති අතර ඒ අනුව මෙම තීරණය ගෙන තිබේ.