කතුන් වෙනුවෙන් යහපාලන ආණ්ඩුවෙන් නව නීති හැදෙයි

කතුන් වෙනුවෙන් යහපාලන ආණ්ඩුවෙන් නව නීති හැදෙයි

November 15, 2017   07:49 am

වත්මන් රජය කාන්තා නියෝජනය වෙනුවෙන් නීතිය සම්පාදනය කරමින් පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවය තුළ කාන්තා නියෝජනය සුදුසු ආකාරයට  පැවැතිය ද දේශපාලන ක්ෂේත්‍රයේ සහ ව්‍යවස්ථාදායකයේ කාන්තා නියෝජනයේ අඩුව බරපතල ගැටළුවක් බවයි.

පළාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනය පිළිබද දැනුම්වත් කිරිම සදහා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (14) පස්වරුවේ පැවැති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කළේය.

මේ අතර මහචාර්ය ගුණපාල මලලසේකර සූරින් අනුස්මරණ උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් විය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මලලසේකර මහතා රටේ ගෞරවය ජාත්‍යන්තරය වෙත ගෙන යමින් රටට කීර්තියක් අත්කර දුන් අසමසම විද්වතෙකු බවයි.