රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන හා කැනඩා මහකොමසාරිස් අතර හමුවක්

රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන හා කැනඩා මහකොමසාරිස් අතර හමුවක්

October 30, 2017   03:32 pm

ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැක්කීනන් මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර විශේෂ හමුවක් ආරක්ෂක අමාත්‍යංශයේදී අද සිදු විය. 

වත්මන් රජය බලයට පත්වීමත් සමඟ ශ්‍රී  ලංකාව හා කැනඩාව අතර පැවති රාජතාන්ත්‍රික හා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වූ බව එම සුහද හමුවේදී අදහස් පළකළ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

මෙරට සංවර්ධන කටයුතු සඳහා කැනඩා රජය ලබාදෙන සහයෝගීතාවය අගය කරන බව අමාත්‍යවරයා කැනඩා මහ කොමසාරිස්වරයා හමුවේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවට කැනඩා රජයේ සහයෝගීතාවය ඉදිරියටත් ලබාදෙන බව මෙම විශේෂ හමුවේදී ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැක්කීනන් මහතා ද පැවසා තිබේ.