අරඹේපොල රතනසාර හිමි රිමාන්ඩ්

අරඹේපොල රතනසාර හිමි රිමාන්ඩ්

October 21, 2017   09:54 am




ගල්කිස්ස ප්‍රදේශයේ මියෙන්මාර සරණාගතයින් පිරිසක් රඳවාසිටි ස්ථානයක් අසළ නොසන්සුන්කාරීව හැසිරීමේ  සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූජ්‍ය අරඹේපොල රතනසාර හිමි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

උන්වහන්සේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලීසිය පවසයි.

නිට්ටඹුව පොලීසිය විසින් රතනසාර හිමි ඊයේ (20) අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පූජ්‍ය අරඹේපොල රතනසාර හිමි සහ පූජ්‍ය අක්මීමන දයාරතන හිමිට පසුගිය දෙවනදා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම්දීමක් සිදුකර තිබුණි.

කෙසේවෙතත් එදින අරඹේපොල රතනසාර හිමි අපරාධ කොට්ඨාසයට පැමිණ තිබුණේ නැත.