අනතුරට පත් නෞකාවේ කාර්යය මණ්ඩලය බේරා ගනී

අනතුරට පත් නෞකාවේ කාර්යය මණ්ඩලය බේරා ගනී

October 21, 2017   08:52 am



අනතුරට පත් වූ ඉන්දීය නෞකාවක කාර්යය මණ්ඩල සාමාජිකයින් හත් දෙනෙකු බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබේ.

ඉන්දියාවේ සිට මාලදිවයින බලා ගමන් කරමින් තිබු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක සිටි පිරිසක් මෙලෙස බේරාගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

 ගාල්ලට මුහුදු සැතපුම් 65ක දුරින් ගමන් කරමින් තිබියදී මෙම නෞකාව අනතුරට පත්ව ඇති බව සඳහන්ය.

නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් අද(21) පෙරවරුවේ අදාළ නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් හත් දෙනො බේරාගෙන ගාල්ල වරාය වෙත රැගෙනවිත් තිබේ.

 ඔවුන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත බාරදීමට නියමිත බව නාවික හමුදාව පැවසුවේය.