ශ්‍රීල.නි.පයේ මතය මහානායක හිමියන්ගේ මතයට සමානයි

ශ්‍රීල.නි.පයේ මතය මහානායක හිමියන්ගේ මතයට සමානයි

October 20, 2017   12:26 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය සෑමවිටම මහානායක ස්වාමින් වහන්සේලාගේ මතයට සමාන බව නිපුනතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නව ව්‍යවස්ථාව සම්පාදනය සම්බන්ධයෙන් මහානාහිමිවරුන්ගේ උපදෙස් අනුව පමණක් කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ පුහුණුව ලැබූ ඩිප්ලෝමාධාරින් පිරිසකට සහතික පත් පිරිනැමීම වෙනුවෙන් බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශලාවේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.