දකුණු කොරියාව සමඟ ආර්ථික සහයෝගිතා ගිවිසුමක්

දකුණු කොරියාව සමඟ ආර්ථික සහයෝගිතා ගිවිසුමක්

October 20, 2017   11:34 am

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ලබන මාසයේදී ආර්ථික සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීමට සැලසුම් කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබන මාසයේදී සිදු කිරිමට නියමිත දකුණු කොරියානු සංචාරය අතරවාරයේදී එම ගිවිසුමට අත්සන් තැබීමට සැලසුම් කර ඇත.

ආයෝජන, වෙළෙඳ, සංචාරක හා කර්මාන්ත යන ක්ෂේත්‍රය යටතේ අදාළ එකඟතාවට එළඹෙන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉදිරි තෙවසර තුළ දෙරට අතර ආර්ථික සහයෝගීතාව අමෙරිකානු ඩොලර් මිලියන 300 සිට 500 දක්වා ඉහළ නැංවීම මෙමගින් අපේක්ෂා කරන බව පසුගිය මාර්තු මාසයේ මෙරට සංචාරයේ නිරත වූ දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුං බියුං මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා සඳහා වසර 40ක් සැපිරෙයි.