පුරාවස්තු ගන්න ගිය 5ක් දැලේ

පුරාවස්තු ගන්න ගිය 5ක් දැලේ

October 20, 2017   10:06 am

පොලොන්නරුව, පැරකුම් උයන ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනිමේ අරමුණින් කැණිම් සිදු කළ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලොන්නරුව පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එහිදී ඔවුන් සතුව තිබී කැණිම් සිදු කිරිම සඳහා භාවිතා කළ උපකරණ කිහිපයක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.

සැකකරුවන් පොලොන්නරුව ප්‍රදේශයේම පදිංචි අවුරුදු 42ත් 70ත් අතර වයසේ පසුවන්නන්  බව පොලිසිය සඳහන් කළේය.
 
ඔවුන් අද පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.