මත් පෙති-ගබ්සා පෙති සමඟ 1ක් දැලේ

මත් පෙති-ගබ්සා පෙති සමඟ 1ක් දැලේ

October 17, 2017   11:30 am



මහනුවර ‍නගරය සහ තදාසන්න ප්‍රදේශයේ පාසල් දරුවන් හා තරුණ තරුණයින් ඉලක්ක කර ගනිමින් දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු මහනුවර මූලස්ථාන පොලීසියේ දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලැබුණු තොරතුරක් මත මහනුවර සුදුහුම්පොළ ප්‍රදේශයේ නිවසක් වටලා මත් පෙති සහ ගබ්සා පෙති තොගයක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

සැකකරු දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදු කර ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.