හෙරොයින් සමඟ 1ක් මාට්ටු

හෙරොයින් සමඟ 1ක් මාට්ටු

October 17, 2017   11:14 am




හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කොටදෙණියාව - මඩම්පැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කොටදෙණියාව පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 100ක් පොලීසිය සොයාගෙන තිබේ.

සැකකරු මීරිගම ප්‍රදේශයේ පදිංචි 29 අයෙකු වන අතර ඔහු අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.