ළහිරු හා සුගතානන්ද හිමි රක්ෂිත බන්ධනාගාරයට

ළහිරු හා සුගතානන්ද හිමි රක්ෂිත බන්ධනාගාරයට

October 12, 2017   08:51 pm

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අධිකරණය නිකුත් කළ වාරණ නියෝග කඩ කිරීම සහ ඇප කොන්දේසි උල්ලංඝණය කිරීම යන චෝදනාවලට ළහිරු වීරසේකර සහ සුගතානන්ද හිමි ලබන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළ බව පොලීසිය සඳහන් කළේය.

කොල්ලුපිටිය පොලීසිය මගින් පවරන ලද නඩුවකට අදාළව ඔවුන් අද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට තිබුණි.

එහිදී පසුගිය අඟහරුවාදා අධිකරණ නියෝග නොතකමින් කොළඹ කොටුව සහ කොල්ලුපිටිය ආශ්රිධතව විරෝධතා සිදුකිරීම සම්බන්ධයෙන් පොලිසිය අධිකරණය හමුවේ කරුනු දක්වා තිබේ.

එම කරුණු සැලකිල්ලට ගත් කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකාර ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.