කුලියට දෙන වාහනයක් කොල්ලකෑ 2ක් කොටු

කුලියට දෙන වාහනයක් කොල්ලකෑ 2ක් කොටු

September 23, 2017   04:44 pm

නුගේගොඩ ප්‍රදේශයේ කුලියට වාහන ලබා දෙන ආයතනයකින් මෝටර් රථයක් ලබා ගෙන එහි රියදුරු බියගන්වා මෝටර් රථය කොල්ලකා පලා යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු වාරියපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්  මෝටර් රථය  කොල්ලකා පලා යන බවට ආයතන හිමිකරු විසින් වාරියපොල පොලිස් ස්ථානය  ලබාදුන් තොරතුරක් මත සිදු කළ විමර්ශනයකදී අදාල සැකකරුවන් මෝටර් රථය සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

වරකාපොල ප්‍රදේශයට කුලී ගමන් යාමට අවශ්‍ය බව පවසමින් මෝටර් රථයක් කුලීපදනම මත ලබා ගෙන එහි රියදුරු බියගන්වා  ඔහුගේ අතපය ගැටගසා වේයන්ගොඩ ප්‍රදේශයේ දමා ගොස් තිබේ.

සැකකරුවන් මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සහ 27 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වේයන්ගොඩ පොලිස් ස්ථානයට භාරදීමට නියමිත බව වාරියපොල  පොලීසිය සඳහන් කළේය.