ප්‍රමෝද්‍යගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් පවත්වන්න

ප්‍රමෝද්‍යගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් පවත්වන්න

September 22, 2017   04:52 pm

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ  පදනම් විරහිත චෝදනා පිළිබඳව ක්‍රීඩකයෝ පරීක්ෂණයක් ඉල්ලති.

අදිසි හස්ත මඟින් අස්වාභාවික ලෙස තරගවල ස්වභාවය වෙනස් කිරීමක් පිළිබඳව හිටපු ශ්‍රී ලංකා ‍ක්‍රීඩක හා තේරීම් කමිටු හිටපු සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් කළ ප්‍රකාශය පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක , උපනායක ඇතුළු ගිවිසුම්ගත ක්‍රීඩකයින් 40දෙනෙකු ලිපියක් භාර දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබේ.

පසුගියදා පැවැති ඉන්දිය සංචාරය පිළිබඳව ක්‍රීඩකයින්ට චෝදනා කරමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස අදාල ලිපිය මඟින් ඉල්ලා ඇති බව වාර්තාවේ. 

එවැනි ඕනෑම පරික්ෂණයකට ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස තමන් සියලු දෙනා උපරිම සහයෝගය ලබා දෙන බවට ප්‍රතිඥා දෙන බව එම ලිපිය මගින් දැනුම්දී තිබේ.

එමෙන්ම මින් ඉදිරියට ක්‍රිකට් ක්‍රීඩාවට වගකිව යුතු සහ සෘජුවම සම්බන්ධ පුද්ගලයින් ක්‍රීඩකයින් කෙරෙහි චෝදනා එල්ල කළ සැනින් ඒ පිළිබදව විධිමත් පරික්ෂණ පැවැත්විමට කටයුතු කරන ලෙස ද අදාල ලිපිය මඟින් ඉල්ලා ඇති බව සදහන්ය.