පාරිභෝගිකයින්ට ගැටළුවක් වෙන්න දෙන්නේ නෑ

පාරිභෝගිකයින්ට ගැටළුවක් වෙන්න දෙන්නේ නෑ

September 20, 2017   09:30 am




මේ වනවිට දිවයිනේ විදුලි සේවා සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යන බවත්, කිසිඳු කරුණක් මත විදුලි පාරිභෝගික ජනතාවට ගැටළු සහගත තත්ත්වයන් ඇතිවීමට ඉඩ නොතබන බවත්, විදුලිබල හා පුනර්ජනනය බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.

මේ වනවිට ලංවිම සේවකයින් වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරතවී සිටියද නොරොච්චෝල කෙරවලපිටිය ඇතුළු විදුලිබලාගාර සියල්ල සාමාන්‍ය තත්ත්වයෙන් ක‍්‍රියාත්මකවන බවද විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක සුළු වශයෙන් විදුලිය බිදවැටීම් වාර්තා වුවද එම තත්ත්වයන් යථා තත්ත්වයට පත්කිරීමට හැකි සෑම පියවරයක්ම ගන්නා බව පවසන විදුලිබල අමාත්‍යාංශය වෘත්තීය ක‍්‍රියාමාර්ගයට අවතීර්ණවී සිටි යම් යම් සේවක පිරිස් මේ වනවිට නැවත සේවයට වාර්තා කරමින් සිටිනබවද අවධාරණය කරයි.