එළවළු කොටුවේ ගංජා වවලා

එළවළු කොටුවේ ගංජා වවලා

September 18, 2017   12:20 pm





වීරකැටිය-නයිගල ප්‍රදේශයේ කුඹුරු යායක  එළවළු කොටුවක කරවිල සමඟ සුක්ෂම ලෙස වගා කර තිබු සරුවට වැවී තිබූ ගංජා වගාක් සොයා ගැනීමට  තංගල්ල දිසා විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් සමත් වී තිබේ.

තංගල්ල දිසා විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් හට ලැබුණු තොරතුරකට අනුව  17 වනදා සවස මෙම වැටලීම සිදුකර තිබේ.

වැටලීමේදී එළවළු කොටුව පවත්වාගෙන ගිය වයස අවුරුදු 60 ක පමණ පුද්ගලයෙකුද අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි .

 අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණ කටයුතු සඳහා වීරකැටිය පොලීසියට බාර දී තිබේ.