ආණ්ඩුව පෙරළාදැමිය නොහැකියි

ආණ්ඩුව පෙරළාදැමිය නොහැකියි

September 17, 2017   10:54 am



එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර කුමන මත ගැටුම් පැවතිය ද  කිසිඳු පාර්ශවයකට ආණ්ඩුව පෙරළාදැමිය නොහැකි බව ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

වලස්මුල්ල ප්‍රදේශයේ පැවැති එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර තමා සිදු කළ ප්‍රකාශය ඇතැම් පිරිස් දේශපාලන වාසි ලබාගැනීම සඳහා භාවිතා කරන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

කොටහේන ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති උත්සවයකට එක්වෙමින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර මියෙන්මාර් රජ්‍යයෙන්  පළා එන රෝහින්ග්යා මුස්ලිම්වරුන් ඉතා සුළු පිරිසක් මෙරටට පැමිණ ඇති බවට සැකයක් පවතින බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තහවුරු කළ හැකි සාක්ෂි මේ දක්වාත් ලැබී නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය‍ෙ