ජනපති සමඟ අරුන්දිකත්  ගොඩනැගිලි විවෘත කිරීමකට යයි

ජනපති සමඟ අරුන්දිකත් ගොඩනැගිලි විවෘත කිරීමකට යයි

September 13, 2017   06:44 pm

ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(13) සිදු විය.

නව කැලණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා භූමිය අත්පත් කරගැනීමේදී ඔරුගොඩවත්තේ පිහිටි මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය පිහිටි භූමියද අත්පත් කරනු ලැබීය.

ඒ අනුව ජපන් සහයෝගීතා ණය ආධාර යටතේ රුපියල් මිලියන 1540ක් වැය කරමින් ඔරුගොඩවත්තේ නව භූමියක මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය ඉදි කර ඇත.

නවීන තාක්ෂණ ශිල්පීය ක්‍රම අධ්‍යනය කළ හැකි අයුරින් නිමවා තිබෙන මෙම නව ගොඩනැගිල්ලේ පරිපාලන සහ පුහුණු ඒකකය වර්ග මීටර 8000කින් සමන්විතය.

නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාව සඳහා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඇතුළු මැති ඇමතිවරුන් එක්ව සිටි අතර ඊයේ (12) අමාත්‍යධුරයෙන් ඉවත්කෙරුණු අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ද එක්ව සිටියේය.