මහින්දටත් සිල් රෙදි නඩුවක් දාන්න පුලුවන් - රාජිත

මහින්දටත් සිල් රෙදි නඩුවක් දාන්න පුලුවන් - රාජිත

September 13, 2017   06:28 pm

පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදා දිමේ සිද්ධිය පිළිබඳ වගකිම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාර ගන්නේ නම් ඔහුට විරුද්ධව ද අධිකරණය හමුවේ නඩු පැවරිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සිල් රෙදි නඩුව පිළිබඳව මාධ්‍යවේදීන් යොමු කල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ඵල කළේය.