මාරක රියඅනතුරින්  2ක්  අවසන් ගමන් යයි

මාරක රියඅනතුරින් 2ක් අවසන් ගමන් යයි

September 13, 2017   04:59 pm

තංගල්ල පොලිස් වසමේ කොළඹ වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ මාරලකොල්ලිය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කතරගම සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස්රථයක් , තංගල්ල දෙස සිට හම්බන්තොට දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු සහ ඔහුගේ පුත්‍රයා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව වාර්තාවේ.

මෙසේ අනතුරට පත්ව මියගොස් තිබෙන්නේ වයස අවුරුදු 42ක් වූ මුහුදු මාවත පදිංචි දියෝගු හැන්නදිගේ ඩික්සන් ලාල් සහ ඔහුගේ පුත් 6 හැවරිදි දියෝගු හැන්නදිගේ අනුසර ලක්නද යන පුද්ගලයින්ය.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්තඅඩංගුවට ගෙන ඇති අතර බස් රථයද පොළිස් බාරයට ගෙන ඇත.

අනතුර සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.