නව බදු පනතේ සියලු බදු අයකිරීම් 2018 අප්‍රේල් සිට

නව බදු පනතේ සියලු බදු අයකිරීම් 2018 අප්‍රේල් සිට

September 13, 2017   04:46 pm


පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද නව දේශීය ආදායම් පනත ලබන වසරේ අප්‍රේල් 01 දා සිට මුළුමනින්ම ක්‍රියාත්මක කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය අද (13) ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම නව පනත සම්මත වූවායින් පසුව ප්‍රේෂණ බද්ද, ප්‍රාග්ධන බද්ද, රදවා ගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද 2017 ඔක්තෝම්බර් මස සිට අයකිරීමටත් අදායම් බදු 2018 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක කිරීමටත් මුලින් තීරණය කර තිබිණි.

මෙසේ පනත දෙයාකාරයට ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එක් මුදල් වසරක් තුළ දෙයාකාරයට ගිණුම් පවත්වා ගැනීමේ දුෂ්කරතාවයන් ඇතිවීමට ඉඩ ඇති බැවින් බදු ගෙවන්නන් හට පහසුකම් සලසනු වස් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් මත නව බදු පනතේ සියළු බදු අයකිරීම් 2018 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක කිරීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇත.