ඉදිරි මැතිවරණයේ දී ජවිපෙ වෙනස් වෙන ලකුණු
September 8, 2017 03:15 pm
ඉදිරි මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ පුළුල් පෙරමුණක් ලෙස ඉදිරිපත් වීමට අදහස් කර ගෙන සිටින බව වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා පවසයි.
අද(08) පැවති “සුරාබදු අයිතීන් දිනා ගැනීමට 2020 ජනබලය ගොඩනඟන 10 වන යෝජිත සමුළුව“ යන මැයෙන් සංස්ථ ලංකා සුරාබදු සේවක සංගමය විසින් සංවිධානය කර තිබු කතිකාවතක් හමුවේ අදහස් ප්‍රකාශ කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.
සියලු දෙනා එක් කර ගත් ජාතික බලවේගයක් මඟින් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බවත් සමරසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.
ගම් මට්ටමින් ජනතාව දැනුවත් කරමින් පුළුල් ලෙස සෑම කේෂ්ත්‍රයක්ම නියෝජනය වන ලෙස සකස් කරනු ලබන මෙම පුළුල් පෙරමුණ වගකීමක් දැරිය හැකි ලෙස නිර්මාණය කළ යුතු බව ද ඔහු කියා සිටියේය.
