නීති විරෝධී මත් පෙති සමඟ 1ක් මාට්ටු

නීති විරෝධී මත් පෙති සමඟ 1ක් මාට්ටු

August 21, 2017   11:02 am



මත්පෙති ආදේශකයක් වශයෙන් භාවිතා කරන ප්‍රි ගැබ් නැමැති නීති විරෝධී මත් පෙති සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකටයුතු ත්‍රිරෝද රථයක් නවතා පරික්ෂා කිරීමේදී අදාළ මත් පෙති සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එහිදී ඔහු සතුව තිබූ එම මත් පෙති 44ක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

සැකකරු පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පානදුර උතුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.