ලෝකය සහ ලෝකයෝ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය අදයි

ලෝකය සහ ලෝකයෝ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය අදයි

August 20, 2017   09:34 am


 
ලෝකය සහ ලෝකයෝ සංවිධානය කරන දෙරණ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය අද(20) ගාලුමුවදොර පිටියේ දී පැවැත්වේ.

 තෙවන වරටත් සංවිධානය කරන මෙම සරුංගල් සැණකෙළිය තරග අංශ 6ක් යටතේ පැවැත්වීමට නියමිතය.

මේ සඳහා තරඟකරුවන් 3000ට ආසන්න පිරිසක් ලියාපදිංචි වී සිටියි.

මෙවර දෙරණ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය සඳහා චීනය, හොංකොං, දකුණු කොරියාව, පිලිපීනය, මැලේසියාව, චෙක් රාජ්‍ය , ඔස්ට්‍රේලියාව, මොරොක්කෝව, ප්‍රංශය සහ තායිලන්තය නියෝජනය කරමින් තරඟකරුවන් රැසක් ද දිවයිනට පැමිණ ඇති බව වාර්තාවේ.

තරඟකරුවන් ලියාපදිංචි කිරීම අද උදෑසන 10.30 සිට ආරම්භ කිරීමට නියමිතය.