සම්මුතිවාදී ආණ්ඩුවට අදට වසර 2යි

සම්මුතිවාදී ආණ්ඩුවට අදට වසර 2යි

August 17, 2017   08:34 am

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවා අදට වසර දෙකක් සපිරෙයි.

2015 වර්ෂයේ අගෝස්තු මස 17 වන දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව මෙම සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවනු ලැබීය.

වත්මන් ආණ්ඩුව පසුගිය වසර දෙකක කාලය තුළ සිදුකල කාර්යභාරය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා අදහස් දක්වමින් කියා සිටියේ, ජයග්‍රහණ රැසක් ලබා ගත් නමුත් තවත් ඉටු කර ගත යුතු ඉලක්කයන් පවතින බවයි.

ජනමාධ්‍ය, අධිකරණ හා පොලිස් සේවාවන් ස්වාධීනත්වයට පත් කිරීමට මෙම වසර 2ක තුළ හැකි වු බවත්, අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට රජයට හැකියාව ලැබුණු බවයි.

පෙට්‍රල්, ඩීසල් හා ගෑස් මිල ජනතාවට දැනෙන ලෙස පහත දැමීමට හැකියාව හිමි වු අතර ඒ හේතුවෙන් අනෙකුත් භාණ්ඩ මිල ගණන් ඉහළ ගිය ද එය එතරම් බලපෑමක් එල්ල නොකළ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

නමුත් වසර දෙක තුළ වැරදිකරුවන් අධිකරණයට ගෙන ගොස් දඬුවම් ලබා දීමට මදක් ප්‍රමාද වු අතර ආර්ථික සංවර්ධනය සඳහා ද ඉදිරි වසර කිහිපය තුළ උත්සහ ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.