සමෘද්ධි සහනාධාරය නැවත සමීක්ෂණයේ ප්‍ර‍ථිඵල අත්හිටුවයි

සමෘද්ධි සහනාධාරය නැවත සමීක්ෂණයේ ප්‍ර‍ථිඵල අත්හිටුවයි

August 16, 2017   08:26 pm

සමෘද්ධි සහනාධාර ලැබිය යුත්තන් පිළිබද තීරණය කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දිදු කරන ලද සමීක්ෂණයේ ප්‍ර‍ථිඵල අත්හිටුවීමට ඒ පිළිබද නැවත සලකා බැලීමට පත්කරන ලද කැබිනට් අනු කමිටුව විසින් අද තීරණය කළ බව සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබද අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ප්‍ර‍කාශ කළේය.
 
සමෘද්ධි සහනාධාර ලැබිය යුත්තන් පිළිබද තීරණය කිරීම සඳහා සිදු කරන ලද සමීක්ෂණයේ දත්ත පරිගනකයට ඇතුලත් කිරීමේ දී සිදු වූවී ඇති බරපතළ දෝෂ හේතුවෙන් මෙම තීරණය ගත් බව පැවසූ ඇමතිවරයා එම සමීක්ෂණයේ සියලු දත්ත ඉදිරි කාලය තුළ නැවත පරීක්ෂා කර බැලීම අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සිදුකරන බවද අද අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය.
 
මේ අනුව සමෘද්ධි සහනාධාරය ලබන කිසිදු සමෘද්ධි ලාභියෙකුගේ ආධාර මුදල්වල වෙනසක් ඉදිරි කාලය තුළ සිදු නොවන බව ඇමැති එස්.බී.දිසානායක මහතා ස්ථීර කළේය.

මෙහිදි අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ නුසුදුස්සන් සමෘද්ධි ආධාර ලබා ගන්නා බවටත්, සුදුස්සන්ට ආධාර නොලැබෙන බටවත් පැමිණි විශාල ප‍්‍රමාණයක් ලැබී තිබු නිසා මෙලෙස නැවත සමීක්ෂණය කිරීමක් සිදුකළ බවයි.

කෙසේ වෙතත් එම නව සමීක්ෂණයේ දී සමෘද්ධි සහනාධාරය අලුතින් ලබා ගන්නා 830,000ක් ඉල්ලුම්කර තිබු අතර සමෘදිධි ආධාර ලබන පුද්ගලයින් 1,423,661 ක් මේ වන විට සිටින බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

"මෙම සමීක්ෂණය පිළිබද සම්පූර්ණ වගකීම පැවරී තිබුණේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවටයි. ඒ වගේම මේකට යුනෙස්කෝ සංවිධානයේ, ලෝක බැංකුවේත් සහය ලැබුණා. ඒ අය හා සාකච්ඡාකර ලෝකයේ බොහෝ රටවල් දරිද්‍රතාවය මැනීමට යොදා ගන්නා බහුමාන දරිද්‍රතා සමීක්ෂණ ක්‍ර‍මවේදය මෙයට උපයෝගි කරගත්තා. ඒ අනුව පිටු  17කින් යුක්ත ප්‍ර‍ශ්නාවලියක් සමෘද්ධි සහන ලබන අයටත්, අලුතෙන් සමෘද්ධි ඉල්ලුම් කරන අයටත් යොමු කළා. මෙම සියලු දෙනාගේම, එනම් ලක්ෂ  22.5 කගේ සමීක්ෂණ තොරතුරු පරිගනකයට  යොමු කරන්නත් විශාල කාලයක් ගත වුනා.

ඒවා අතුරින් ප්‍ර‍ධාන නිර්ණායක 06කුත් අනු නිර්ණායක 29කුත් ලබා ගත්තා. මේ තොරතුරු පරිගනකගත කරන්න ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් කෑලි ක්‍ර‍යට කුලියට දෙන්න සිදු වුනා. එම පරිගනක කළ දත්තවලට අනුව ලැබුනු වාර්තා තමයි  අපි ප්‍ර‍සිද්ධ කළේ. මෙම වාර්තාවලට විරුද්ධව විශාල වශයෙන් පැමිණිලි ලැබුණා. සමෘද්ධි ලැබිය යුතුම අයගේ සමෘද්ධිය කැපී ඇති බවට.
 
අප ඒ පැමිණිලි වලින් 200ක් නැවත විභාග කළා. ඉන් බරපතළ වැරදි තිබූ පැමිණිලි 41ක් හමුවුනා. ඊට අමතරව ගබා ගත් තොරතුරු නිවැරදිව පරිගනක ගත නොකරපු  අවස්ථා 11 හමුවුනා. ඒ නිසා අද උදේ මේ ගැන සොයන්න පත් කළ කැබිනට් අනුකාරක කමිටුව රැස් වී මෙම ප්‍ර‍ථිඵල සියල්ල අවලංගු කරන්න තීරණය කළා. ඊට පසුව වහාම මෙම තොරතුරු එකින් එක ගෙන  සෑම ප්‍රදේශීය ලේකම් කාර්යාලයක් මගින්ම නැවත සමීක්ෂණය කරන්න තීරණය කළා. එම ප්‍ර‍ථිඵල ලැබෙන තුරු සමෘද්ධි සහනාධාර ඒ ආකාරයෙන්ම තීන්දුවක් ගත්තා."