මහින්දගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

July 27, 2017   11:03 am




ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් අද(27) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බව සඳහන්ය.

වර්තමානයේ රට තුළ මතුව ඇති ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.