කතරගම පෙරහැරේ සිව්වන දිනය අදයි

කතරගම පෙරහැරේ සිව්වන දිනය අදයි

July 27, 2017   09:09 am

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල මහ පෙරහැරේ සිව්වන දිනය අදයි.

පෙර දින දෙකට සාපේක්ෂව ඊයේ(26) රාත්‍රී විථි සංචාර කෙරුණු පෙරහැර ඉතා අලංකාරවත් අයුරින් පැවති බව රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී කුමාරගේ මහතා සඳහන් කළේය.

පෙරහැර නැරඹිම සඳහා දෙස් විදෙස් සංචාරකයින්ගේ සහභාගීත්වය ද ඊයේ දිනයේ වැඩිවිමක් දක්නට ලැබුණු බව බස්නායක නිළමේවරයා පැවසීය.

අද(27) දිනයේ පෙරහැර සඳහා ද පෙර දිනවලට සාපේක්ෂව නර්තනාංගවල සහ අලි ඇතුන්ගේ වැඩිමක් සිදු කිරිමට සැලසුම් කර තිබේ.