ආදි ශිෂ්‍ය නියෝජිතයන් පත් කිරීමේ ක‍්‍රමය වෙනස් වෙයි

ආදි ශිෂ්‍ය නියෝජිතයන් පත් කිරීමේ ක‍්‍රමය වෙනස් වෙයි

July 26, 2017   09:51 pm

පාසල්වල 1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවලට ආදි ශිෂ්‍ය නියෝජිතයන් පත් කිරීමේ ක‍්‍රමවේදය වෙනස් කිරීමේ උත්සාහයක් ගන්නා බව ලංකා ගුරු සංගසමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

2018 වසර සඳහා පාසල්වල 1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා නිකුත් කර ඇති 22/2017 චක‍්‍රලේඛයේ 6.2.2 වගන්තියේ පැහැදිලිව සඳහන් කර ඇත්තේ ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයා තෝරා ගැනීමේදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති ආදි ශිෂ්‍ය සංගම් චක‍්‍රලේඛය අනුව පිහිටුවා ඇති ආදි ශිෂ්‍ය සංගමයේ කාරක සභාවේ එකඟතාවය මත ද නියෝජිතයා පත් කර ගත යුතු බව යැයි ද ඔහු පවසා සිටියේය.

පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල සඳහා ආදි ශිෂ්‍ය සංගම් නියෝජිතයන් අවශ්‍ය නොවන බව ප‍්‍රකාශ කර සිටින ලංකා ගුරු සංගමය 22/2017 චක‍්‍රලේඛයේ ඉහත විධිවිධාන ආදි ශිෂ්‍ය සංගම්වලට අවශ්‍ය ලෙස සංශෝධනය නොකරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට බලකර සිටියි.