කෝටියක වල්ලපට්ටා රාජසන්තකයි

කෝටියක වල්ලපට්ටා රාජසන්තකයි

July 26, 2017   02:23 pm



රුපියල් කෝටියක වටිනාකමකින් යුත් වල්ලපට්ටා තොගයක් ඩුබායි වෙත රැගෙන යාමට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අද(26) උදැසන පිටවීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේය.

එහිදී ඔවුන් සතුව තිබී කිලෝග්‍රෑම් 60ක් පමණ බරැති වල්ලපට්ටා තොගයක් සොයාගෙන තිබේ.

 ඒ අනුව එම තොගය රාජසන්තක කිරීමට පියවර ගත් බවද  පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේය.

සැකකරුවන් කොළඹ, ගාල්ල සහ කැගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක් වන අතර ඔවුන්ගෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 02 බැඟින් වූ දඩ මුදලක් ගෙවීමට ද නියම කර ඇති බව වාර්තා වෙයි.