යාපනයේ කැණීම්වලින් කරුණු රැසක් හෙළිවෙයි

යාපනයේ කැණීම්වලින් කරුණු රැසක් හෙළිවෙයි

July 26, 2017   09:12 am

යාපනය කොටුව ප්‍රදේශයේදී සිදුකළ පුරා විද්‍යා කැණීම්වලින් වැදගත් ඓතිහාසික තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියශාන්ත ගුණවර්ධන මහතා පැවසුවේ යටත් විජිත සමයේදී උතුරු පළාතේ යුදමය හා වෙළඳ කටයුතු සම්බන්ධයෙන් කරුණු බොහෝමයක් අනාවරණය වී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත්  කරුණු පැහැදිලි කරමින් මධ්‍යම සංස්කෘතික අරමුලේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රයශාන්ත ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.