මේක බියසුල්ලන්ගේ හීන කි‍්‍රයාවක්

මේක බියසුල්ලන්ගේ හීන කි‍්‍රයාවක්

July 23, 2017   10:22 pm



පසුගිය දා කොළඹ විද්වත් වෘත්තිකයින්ගේ සංගම් ශාලාවේ පැවති මාධ්‍ය හමුව අවසානයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා ආණ්ඩුවේ මැරයින් විසින් පැහැර ගැනීමට ගත් උත්සාහය ගැනීම බියසුල්ලන්ගේ හීන කි‍්‍රයාවක් ලෙස ජාතික භික්‍ෂු පෙරමුණ පවසයි.

මෛතී‍්‍ර, රනිල් ආණ්ඩුවත් රාජපක්‍ෂ ආණ්ඩුවත් මෙතෙක් තිබුණ සියලු ආණ්ඩුත් ජනතා ගැටළුවලට උත්තර දෙනවා වෙනුවට තර්ජනය, මර්දනය, මරණය යන තුන්බිය ඇතිකළා මිස කළ අන් යමක් නොකළ බව ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි  කියා සිටියේය.

වෛද්‍ය විද්‍යාල පෞද්ගලීකරණය කිරීමේ කාර්යයේදී රනිල්, රාජිත නාමයන් ඉදිරියේ ඇත්තේ කලූ පැල්ලම් බව ජනතාවට හොඳින් මතක ඇති බවත් පැවසු උදිත හිමියන් වැඩිදුරටත් පවසා සිටියේ, ආණ්ඩුවට එක කඩතොළුවක් වසා ගැනීමට කඩතොළු සීයක් හදාගැනීමට සිදුවී ඇති බවයි.

මෛතී‍්‍ර රනිල් හවුල් ආණ්ඩුව මෙවැනි නිහීන කි‍්‍රයා සිදුකරමින් දිනෙන් දින ජනතාව සටනට කැඳවන්නේ නම් එය ආණ්ඩුවේ අවසානය ඉක්මන් කර ගැනීමක් බව මතක තබාගත යුතු බවද උදිත හිමියන් කියා සිටියේය.