යාපනය මහාධිකරණ විනිසුරු ඉලක්ක කර ගනිමින් වෙඩි  තැබීමක්

යාපනය මහාධිකරණ විනිසුරු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක්

July 22, 2017   06:50 pm




යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා ඉලක්ක කර ගනිමින් නල්ලුර් ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබේ.

ඔහු ගමන් කළ මෝටර් රථය දෙසට මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව වාර්තා වෙයි. 

කෙසේ වෙතත් අදාළ වෙඩි තැබීමෙන් විනිසුරුවරයාට කිසිඳු හානියක් සිදුව නොමැති අතර එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. 

අද පස්වරු 5 .30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්ය. 

විනිසුරු එම්. ඉලංචේලියන් මහතා විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධයෙන් නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ ද සාමාජිකයෙකු වෙයි.