වීරකැටියේ ඝාතනයක්-  විමර්ශන අරඹයි

වීරකැටියේ ඝාතනයක්- විමර්ශන අරඹයි

July 17, 2017   12:23 pm



වීරකැටිය පොලිස් වසමට අයත් තංගල්ල පාර, වීරකැටිය ප්‍රදේශයේදී අද(17) අළුයම 1ට පමණ තරුණයෙකුට පහර දී ඝාතනය කර ඇති බවට වීරකැටිය පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව මිය ගිය තරුණයා ඊයේ(16) රාත්‍රී වීරකැටිය මණ්ඩාටුව ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයට සහභාගි වී නැවත නිවසට යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ තංගල්ල , පහලගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවු 21ක් වූ රවිදු නිම්සර ගාර්දිවසම් නැමති තරුණයෙකි.

මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ වලින් අනතුරුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා හම්බන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති බවද වාර්තාවේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වීරකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.