හග්ගල රක්ෂිතයේ හදිසි ගින්නක්

හග්ගල රක්ෂිතයේ හදිසි ගින්නක්

July 16, 2017   08:58 am


 නුවරඑළිය ,හග්ගල රක්ෂිතයේ හදිසි ගින්නක් හටගෙන තිබේ.

 ඊයේ(15) රාත්‍රී මෙම ගින්න හටගෙන ඇති අතර නුවරඑළිය පොලීසිය ප්‍රදේශවාසීන් හා යුධ හමුදාව එක්ව ගින්න මැඬපවත්වා ඇති බව සඳහන්වේ.

 ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර 40ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව පොලීසිය පැවසුවේය.

 ගින්නෙන් ජීවිත හානි හෝ තුවාල කිසිවක් සිදුව නොමැති අතර නුවරඑළිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.