හුංගම අනතුරින් 3ක් අවසන් ගමන් යයි

හුංගම අනතුරින් 3ක් අවසන් ගමන් යයි

June 25, 2017   07:10 am


හම්බන්තොට හුංගම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. 

ත්‍රී රෝද රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අද මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් කළ 3 දෙනෙකි. 

අනතුරට ලක්වන විට එහි පුද්ගලයන් 5 දෙනෙකු ගමන් කර ඇතැයි සඳහන්ය. 

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.