තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරලා

තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරලා

June 24, 2017   12:30 pm


රක්වාන, කොහොඹකන්ද ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

 පුද්ගලික අමනාපයක් හේතුවෙන් ඝාතනය සිදුව ඇති බව පොලිස් මූලස්ථානය පැවසුවේය.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා කහවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරුකර යවා ඇති  අතර  එහිදී ඔහු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ රක්වාන ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධියෙන් කෝපයට පත් ප්‍රදේශවාසීන් ඝාතනය සිදු කළ පුද්ගලයාගේ නිවසට ගිනි තබා තිබේ.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රක්වාන පොලීසිය විමර්ශන සිදු කරයි.