රජිත් කීර්ති “දූෂණ විරෝධය“ අතහරියි!

රජිත් කීර්ති “දූෂණ විරෝධය“ අතහරියි!

June 23, 2017   05:47 pm


දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක තනතුරෙන් හා අනෙකුත් වගකීම්වලින් ඉවත් වූ බව රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

එකිනෙකට වෙනස් වූ දේශපාලනික හා මතවාදී අදහස් පසෙක ලා “දුෂණ විරෝධී සංස්කෘතියක් ගොඩ නැඟීම සඳහා“ ගෙවී ගිය වසර දෙකකට වැඩි කලක් අප එක්ව කටයුතු කළ බව හෙතෙම ෆේස්බුක් අඩවියේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

එලෙස නන් අයුරින් සහාය වූ, දායක වූ සියලු දෙනාට තමාගේ ස්තුතිය පිරිනමන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

අධිකරණයෙන් වරෙන්තු ලබා සැඟව සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට බාරවූ අවස්ථාවට උන්වහන්සේ සමග පැමිණි දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඥානසාර හිමියන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් බෙහෙවින් සතුටට පත්ව මාධ්‍යයට අදහස් ප්‍රකාශ කරන ලදී.

 දූෂණ චෝදනා එල්ලවී ඇති ඥානසාර හිමියන් සමග “දූෂණ විරෝධීන්“ සහසම්බන්ධවීම සම්බන්ධයෙන් ‘දූෂණ විරෝධී පෙරමුණේ සෙසු පිරිස්“ කුමන අදහසක් දරන්නේදැයි බොහෝ දෙනෙකු ප්‍රශ්න කරනු ලැබූ අතර රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගෙන්ද, මේ සම්බන්ධයෙන් විමසා තිබුණි.

කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැති වුවත්, තමා ‘දූෂණ විරෝධි පෙරමුණෙන්‘ ඉවත්වූ බව ඔහු නිල වශයෙන් නිවේදනය කර තිබේ.