ආචාර්ය සමන් කැලේගම අභාවප්‍රාප්ත වෙයි!

ආචාර්ය සමන් කැලේගම අභාවප්‍රාප්ත වෙයි!

June 23, 2017   03:23 pm


ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය සමන් කැලේගම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

තායිලන්ත සංචාරයක් අතරතුරදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේය.

ආර්ථික විශේෂඥයෙකු, ප්‍රතිපත්ති සම්පාදකයෙකු ලෙසද ඒ මහතා කටයුතු කළේය.

ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවෙකු වෙයි.
 
එමෙන්ම ඒ මහතා රාජ්‍ය හා පෞද්ගලික ආයතන බොහෝමයක ඉහළ පෙළේ තනතුරු හොබවා තිබේ.

ඉන්දියානු තාක්ෂණික අධ්‍යාපන ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් ඒ මහතා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගෙන තිබේ.

මියයන විට ආචාර්ය සමන් කැලේගම මහතා 58 වන වියේ පසු වුණි.