යාපනය රැජිණ ගැන පුරාවිද්‍යා කැණීම් කටයුතු අරඹයි

යාපනය රැජිණ ගැන පුරාවිද්‍යා කැණීම් කටයුතු අරඹයි

June 19, 2017   01:02 pm


යාපනය කොටුව රැජිණ මාලිගය සම්බන්ධයෙන් වූ  පුරාවිද්‍යා කැණීම් කටයුතු ලබන 23 වනදා සිට ආරම්භ කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේ යාපනය කොටුව රැජිණ මාළිඟයේ සංස්කෘතික ඉතිහාසය පිළිබඳව සොයාබැලීම හා එහි සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇති බවය.