මහින්ද ගෙදර යන්න ජාතිවාදී ව්‍යාපාර තීරණාත්මක සාධකයක් වුණා

මහින්ද ගෙදර යන්න ජාතිවාදී ව්‍යාපාර තීරණාත්මක සාධකයක් වුණා

May 23, 2017   04:48 pm


මහින්ද රාජපක්ෂ පාලනයේ අවසාන කාලයේ දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විවේචනයට ලක් වුයේ සුළු ජාතීන්ට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ වැනි නායකයින් මුලිකත්වයෙන් ජාතිවාදී ව්‍යාපාරයක් දියත් කළ නිසා බව අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරයේ සමාජික ගාමිණි වියන්ගොඩ මහතා පවසයි.

අද (23) පැවති එම ව්‍යාපාරයේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ අදහස් කියා සිටියේ ය.

පානදුර ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රමුඛ කර ගනිමින් දියත් කරන ලද සටන තීරණාත්මක හේතුවක් වු බවත් ඒ තුළින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීමේ තීරණාත්මක සාධකය බවට මෙය පත් වු බවත් වියන්ගොඩ මහතා මෙහිදී පැවසීය.

කෙසේ වෙතත් දකුණේ සිංහල බෞද්ධ ජනතාව මෙම මුස්ලිම් ජාතිවාදී රාජ්‍ය අනුග්‍රහය කිසි සේත් අනුමත නොකළ නිසා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයෙන් පරාජය වු බව ගාමිණි වියන්ගොඩ මහතා වැඩි දුරටත් කියා සිටියේය. 

එමෙන්ම මේ වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පත් කර ගැනීමට අගමැතිවරයා හා ජනාධිපතිවරයා විශාල වැඩ කොටසක් දියත් කර ඇති නමුත් මේ වන විට ආණ්ඩුව කෙරෙහි ජනතාවට විවිධ කාරණා පිළිබඳ අප්‍රසාදයක් මතු වෙමින් පවතින බව ද ඔහු පැවසීය.