රුහුණේ පීඨ දෙකක් තාවකාලිකව වැසෙයි

රුහුණේ පීඨ දෙකක් තාවකාලිකව වැසෙයි

May 23, 2017   12:34 pm



ගැටුමක් හේතුවෙන් රුහුණු  විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක් තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

ඊයේ(22) රාත්‍රී විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර විශ්ව විද්‍යාලය තුළ දී මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තාවේ.

මෙහිදි තුවාල ලැබු විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බව මාතර මූලස්ථාන පොලීසිය සඳහන් කළේය.

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාලයේ කළමනාකරන මූල්‍ය පීඨය සහ මානව ශාස්ත්‍ර පීඨය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් රුහුණු විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කළේය.

 ඒ අනුව අදාළ පීඨ දෙකෙහි සිසුන්ට අද(23) පස්වරුව වන විට විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් වන ලෙස ද දැනුම් දී ඇති බව වාර්තාවේ.