බ්‍රිතාන්‍ය අගමැතිනිය සිය පක්ෂයේ  මැතිවරණ ප්‍රචාරණ කටයුතු අත්හිටුවයි
සයුරෙන් එතෙර

බ්‍රිතාන්‍ය අගමැතිනිය සිය පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අත්හිටුවයි

May 23, 2017   10:18 am


එංගලන්තයේ මැන්චෙස්ටර් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයත් සමඟ බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය තෙරේසා මේ සිය පක්ෂයේ සියළු මැතිවරණ ප්‍රචාරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇය විසින් හදිසි රැස්වීමක් කැඳවා ඇති බවද  සඳහන්වේ.

ඊයේ(22) රාත්‍රී මැන්චෙස්ටර් හී පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු පමණ තුවාල ලැබීය.

අදාළ ප්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් බවටද සැක පළ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.