පාසල් සිසුවාට දිවි එපා වෙයි

පාසල් සිසුවාට දිවි එපා වෙයි

May 23, 2017   09:23 am



අනුරාධපුර ප්‍රධාන දුම්රිය නැවතුම්පළ අසල දී දුම්රියට පැන පාසල් සිසුවෙකු සියදිවි හානිකරගෙන තිබේ.

අදාළ සිසුවා කොළඹ සිට යාපනය දක්වා ධාවනය වු යාල්දේවී දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

සිසුවා සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.